May 17, 2024

සංවිධානයේ ප්‍රබලයෙකු මියගිය බවට IS පිළිගනී

IS ත්‍රස්තවාදීන්ගේ නායකයෙකු ලෙස කටයුතු කළ ඔමාර් ශිෂානි මරුමුවට පත්ව ඇති බව එම සංවිධානය පිළිගෙන තිබේ.

මීට පෙර අමෙරිකාව විසින් ඔහු මියගිය බවට ප්‍රකාශ කොට තිබුණත් IS සංවිධානය විසින් එය පිළිනොගත්හ.

පසුගිය මාර්තු මාසයේ දී ඔහු මියගිය බවට යි අමෙරිකාව විසින් පවසා තිබුණේ.

ඔමාර් ශිෂානි IS සංවිධානයේ ප්‍රබලයෙකුවන අතර එම සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩිගේ සමීපතම පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Rate this item
(0 votes)