May 17, 2024

කැමරන්ගෙන් පසු අගමැතිණිය තෙරේසා

බ්‍රිතාන්‍යයේ මීලඟ අග්‍රාමාත්‍ය ධූරය එරට ස්වදේශ කටයුතු භාර ලේකම් ලෙස කටයුතු කරන තෙරේසා මේ මහත්මියට ලබා දෙන බව අගමැති ඩේවිඩ් කැමරන් මහතා නිවේදනය කළේය.

හෙට (13) දින ඇය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන බව යි කැමරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය ධූරය ලැබීමත් සමග තෙරේසා මේ මහත්මිය බ්‍රිතාන්‍යයේ දෙවන අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාස ගත වේ.

බ්‍රිතාන්‍යයේ පසුගිය දා පැවැති ජනමත විචාරණයෙන් ඩේවිඩ් කැමරන් මහතා නියෝජනය කළ මතය පරාජය වීමත් සමග ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළ අතර තෙරේසා මේ මහත්මිය නව අගමැති ලෙස පත් වීමට නියමිත වන්නේ ඒ අනුවයි.

Rate this item
(0 votes)