May 17, 2024

ඉක්වදෝරයට ප්‍රබල භූ කම්පන 2ක්

ඉක්වදෝරයේ වෙරළ කලාපයේ රික්ටර් පරිමාණ 5.9 ක සහ රික්ටර් පරිමාණ 6.4 ක ප්‍රබල භූ කම්පන දෙකක් විනාඩි 10ක කාල පරාසයක් තුළ ඇති වී තිබේ.

ඒ සම්බන්ධව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන පරිදි මෙම භූ කම්පන ඇතිව තිබෙන්නේ ඉක්වදෝරයේ, එස්මෙරල්ඩාස් පළාතේ 60,000ක පමණ ජනතාවක් වෙසෙන රෝසා සරාටේ නගරයට වයඹදිගින් කිලෝමීටර් 32ක් ඔබ්බෙනි.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූ කම්පන දෙක විශාල ප්‍රදේශයක් වෙත තදින් දැනී ඇති අතර බොහෝ දෙනෙකු තම නිවාසවලින් ඉවතට පැන මංමාවත් ආදී එළිමහන් තැන්වල රැඳී සිටියි.

ඇතැම් පළාත්වල විදුලිබලය ඇණහිටීමක් පිළිබඳව ද වාර්තා වන අතර භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

ඉක්වදෝර ජනපති රෆායෙල් කොරෙයා මහතා ජනතාවට සන්සුන්ව සිටින ලෙස ඉල්ලීමක් කර ඇති අතර මේ වනවිට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් 13,000ක හමුදා සහ පොලිස් බලඇණියක් සහන කටයුතු වෙනුවෙන් දැනටමත් සූදානම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 13:34