May 17, 2024

පොලිස් වෙඩිතැබීම් නිසා අමෙරිකාව උණුසුම් වෙයි

අමෙරිකාවේ මිනසෝටා සහ ලුසියානා ප්‍රදේශයන්හී දී කළු ජාතිකයින් දෙදෙනෙකු පැය 48ක් ඇතුළත පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යාමත් සමග එරට තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම එක් කළුජාතික තරුණයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව මියයන ආකාරය ඔහුගේ පෙම්වතිය විසින් සජීවී වීඩියෝවක් මගින් Facebook සමාජ ජාලය වෙත ද එක් කොට තිබුණි.

මෙම පොලිස් වෙඩි ප්‍රහාරවලට විරෝධය දක්වමින් ඩලාස් නගරයේ පැවැත්වුණු උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය වෙත ඊයේ (08) වෙඩි ප්‍රහාරයක් රල්ල විය.

එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 05 දෙනෙකු මියගොස් තවත් නිලධාරීන් 06ක් තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරයි.

Rate this item
(0 votes)