May 17, 2024

තායිවාන අගනුවර පිපිරීමක් (VIDEO)

තායිවානයේ තායිපේ අගනුවර දුම්රියක් තුළ පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

තුවාල ලැබූ පිරිසගෙන් වැඩි දෙනා පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තාවන අතර පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී පුපුරන ද්‍රව්‍ය සහිත නාලාකාර උපකරණයක් හමුව තිබේ.

එය කලු පැහැති බෑගයක් තුළ තිබී ඇති බවට මේ වන විට අනාවරණය කරගෙන ඇත.

සිද්ධිය ඇසින් දුටුවකු පවසා ඇත්තේ ත්‍රිකෝණාකාර යමක් රැගෙන ආ මගියෙකු දුම්රියට ගොඩවීමත් සමග මෙම පිපිරීම සිදුවූ බවයි.

කෙසේ වෙතත්, මෙම පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක්ද  යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 July 2016 12:06