May 04, 2024

ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් පසු කැමරන් ඉල්ලා අස් වෙයි

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වනවා ද නැතහොත් තවදුරටත් එම සංගමය සමග සිටිනවා ද යන්න තීරණය කිරීමේ ජනමත විචාරණයේ ප්‍රතිඵල මීට පැය කිහිපයකට පෙර නිකුත් විය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී ස්වාධීන ලෙස ක්‍රියා කරන බවට වූ ජන මතය ජයග්‍රහණය කළේ ය.

එම ප්‍රතිඵලයත් සමග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා තම අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතු බවට ඩේවිඩ් කැමරන් මහතා හඬ නැගූ අතර ජනමත විචාරණයෙන් ඔහුගේ මතය පරාජය වීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව පැවසේ.

ජනමත විචාරණය ප්‍රතිඵලයත් සමඟ ඩේවිඩ් කැමරන් මහතා ජාතිය අැමතූ අතර "ලබන ඔක්තෝබරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අප අලුත් අගමැති කෙනකු තෝරා ගත යුතුයි" යනුවෙන් ඔහු පවසා තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 15:41