May 04, 2024

බ්‍රිතාන්‍ය ජනමත විචාරණය: ඡන්ද 52%ක් ස්වාධීනවීමට

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයේ සිටිය යුතු ද නැතහොත් ඉන් ඉවත්වී ස්වාධීන විය යුතුද යන්න පිළිබඳව පැවැත්වුණු ජනමත විචාරණයේ ප්‍රතිඵල මේවන විට නිකුත් වෙමින් පවතියි.

52%ක ජනතාවක් මේවන විට සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට යි.

ඉදිරියටත් යුරෝපා සංගමය සමග සිටිය යුතු බවට ප්‍රකාශ කොට ඇති ඡන්ද ප්‍රතිශතය 48%කි.

බ්‍රිතාන්‍යය පුරා මිලියන 46 ක ජනතාවක් මෙම ජනමත විචාරණයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටි අතර බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසගත වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 11:04