May 04, 2024

අවි ගබඩාවක් පුපුරා 20ක් මරුට

ලිබියාවේ ට්‍රිපොලි අගනුවරට කිලෝමීටර 50ක් පමණ දුරින් පිහිටි අවි ගබඩාවක පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් මේවන විට සිවිල් වැසියන් 20දෙනෙකුට වඩා මියගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම මින් තුවාල ලැබූ පිරිස 30ක් පමණ වන බව මේවන විට ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙම පිපිරීම කෙසේ ඇරඹුණි ද යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැත.

කෙසේ වෙතත් ලිබියාවේ ඇතැම් පුවත් වෙබ් අඩවි සඳහන් කරන්නේ මෙම පිපිරීම ඇති වූ ප්‍රදේශය තුළ පැය ගණනාවක සිට සටනක් පවතින බව යි.

එමෙන්ම එම වෙබ් අඩවි වැඩිදුරටත් පවසන්නේ මෙම සටන්වලින් 80ක් පමණ දෙනා මියගොස් ඇති බව යි.

Rate this item
(0 votes)