May 02, 2024

සිනමා තරුවක් සමුගනී

තරුණ අමෙරිකානු නළුවෙකුවන ඇන්ටන් යෙල්චින් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු ඊයේ (19) අවාසනාවන්ත රිය අනතුරකට ලක්ව මෙසේ මියගොස් ඇත.

ඇන්ටන් මියගොස් ඇත්තේ තමන්ගේම මෝටර් රථය හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර තල්ලු වී ගොස් ඇති නවතා තිබූ රථයට සහ ගඩොලින් බැඳි ලියුම් පෙට්ටියක් අතර සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

රුසියානු සම්භවයක් ඇති ඇන්ටන් චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ බොහෝ ගණනකට රංගනයෙන් දායක වී ඇති අතර ලෝකය ඔහු වඩාත්ම හඳුණන්නේ ලෝක ප්‍රසිද්ධ "Star Trek" කතා මාලාව ඔස්සේ ය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 20 June 2016 06:53