May 02, 2024

රුසියාවට ඔලිම්පික් තහනම්

රියෝ දි ජැනෙයිරෝ නුවර දී පැවැත්වීමට නියමිත මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම රුසියාවට තහනම් වී තිබේ.

ජාත්‍යන්තර මළල ක්‍රීඩාවලට සහභාගී වීම වලක්වමින් ජාත්‍යන්තර මළල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවට එරෙහිව පැනවූ තහනම දීර්ඝ කිරීමත් සමග මෙම තත්ත්වය උදා වී තිබේ.

රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව ක්‍රීඩකයින් තහනම් උත්තේජන ලබා ගන්නා බවටත් රජය විසින් ක්‍රීඩකයින් එයට පොළඹවනු ලබන බවටත් රුසියාවට චෝදනා එල්ල වුණු අතර එය සැළකිල්ලට ගෙන ජාත්‍යන්තර මළල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවට එරෙහි තහනමක් ප්‍රකාශයට පත් කළේ පසුගිය නොවැම්බරයේ දී ය.

එම තහනමෙන් පසු සම්මේලනය ප්‍රකාශ කළ සියළු නිර්දේශ ක්‍රියාත්මක කළ නමුත් එම තහනම තවදුරටත් දීර්ඝ කිරීම අසාධාරණ බවට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(1 Vote)