May 02, 2024

චීන මකරුන් සිටින ප්‍රථම ඩිස්නිලන්තය විවෘත කෙරේ (VIDEO)

චීනයේ ප්‍රථම ඩිස්නිලන්තය ඊයේ (16) ෂැංහයි නුවර දී උත්සවාකාරයෙන් විවෘත විය.

විවෘත කිරීමේ උත්සවය චීනයටම ආවේණික වූ ආත්මාරක්ෂක සටන් කලාවේ අංග සහ විවිධ ගීත නාට්‍ය අංගයන්ගෙන් විචිත්‍රවත්ව තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2011 වසරේ දී ඉදිකිරීම් ඇරඹූ ෂැංහයි ඩිස්නිලන්තය සාදා නිම කිරීම සඳහා යුරෝ බිලියන 5ක පමණ මුදලක් වැය වී තිබේ.

සාමාන්‍යයෙන් ඩිස්නිලන්තයකට ආවේණික අංගයන්ට අමතරව එම අංගවලටම චීන සංස්කෘතියේ එන දෑ මුසුකොට නවමු අත්දැකීමක් ලබා දීම ෂැංහයි ඩිස්නිලන්තයේ විශේෂත්වයක් ලෙස සැලකිය හැක.

ජනප්‍රිය ඩිස්නි සුරතලුන් සමග චීන සංස්කෘතියෙහි ඇති මකරුන් වැනි සතුන් ද එක් කොට තිබීම එයට කදිම උදාහරණයකි.

එමෙන්ම ලොව වේගවත්ම මෙන්ම දිගින් වැඩිම රෝලර් කෝස්ටරය ද මෙහි තනා ඇති අතර මෙය විවෘත වීමත් සමග රැකියා බොහෝ ගණනක් බිහි වී ඇති බව චීනයෙන් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරයි.

ෂැංහයි ඩිස්නිලන්තයට වසරකට මිලියන 15ත් මිලියන 50ත් අතර ජනතාවක් පැමිණෙතැයි ඩිස්නි සමාගම අපේක්ෂා කරයි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 June 2016 14:25