May 02, 2024

වැඩ කළත් නොකළත් මාසිකව තුන් ලක්ෂයකට වැඩි වැටුපක් ?

රජය තහවුරු කළ අවම මූලික වැටුපක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාවගේ කැමැත්ත විමසීමේ ජනමත විචාරණයක් ස්විස්ටර්ලන්ත රජය විසින් පවත්වයි.

එලෙස වැටුප සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වෙන ප්‍රථම රට ස්විස්ටර්ලන්තයයි.

මෙම ජනමත විචාරණයෙන් යම් වැඩිහිටියෙකු ස්විස්ටර්ලන්තය තුළ රැකියාවක නිරතවූව ද නොවුනද ඔහුට හෝ ඇයට ස්විස් ෆ්‍රෑන්ක් 2,500ක (රු. 380,000ක් පමණ) අවම මූලික වැටුපක් ලබාදිය යුතුද, නැද්ද විමසා බැලේ.

මෙතෙක් සිදුකර ඇති පූර්ව මැතිවරණ නිරීක්ෂණයන්ට අනුව ස්විට්සර්ලන්ත ජනතාවගෙන් හතරෙන් එකක් පමණක් මෙම තීරණයට කැමැත්ත ප්‍රකාශ කරනු ඇති බවට මත පළ වේ.

කෙසේ වෙතත්, මෙම මූලික වැටුප පිළිබඳ කොන්දේසිවල දී දැනට ස්විස් ෆ්‍රැන්ක් 2,500 ට වඩා වැඩි ආදායමක් ලබන අයෙකුට ඊට වඩා වැඩි මුදලක් ඉපයීමේ අවස්ථාව ඇහිරීම මෙම නව යෝජනාවට වැඩි දෙනෙකු එරෙහි වීමට හේතු වනු ඇති බවට ද විශ්ලේෂකයන් අනාවැකි පළ කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 June 2016 12:16