April 26, 2024

ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේ සහාය

මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන ශ‍්‍ර‍්‍රී ලංකාවට එරෙහි අමෙරිකානු යෝජනාවේ සම සත්කාරකත්වය නොදරන බව ඔස්ටේ‍්‍රලියාව සහතික කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එවැනි යෝජනාවකින් පුනරුත්ථාපනය සහ ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය ද හුවා දැක්විය යුතු බව ඔස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු ඇමතිනි ජූලි බිෂොප් ප‍්‍රකාශ කර තිබේ.

එසේ ම ශ‍්‍රී ලංකාවේ සංහිඳියා කි‍්‍රයාවලියට ඵලදායි ලෙසින් සහයවන ලෙස තමන් සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යවරිය පෙන්වා දී ඇත.

Rate this item
(0 votes)