May 06, 2024

ලොව දිගම සහ ගැඹුරුම විශ්මිත උමං මග තනා අවසන් වූ හැටි (VIDEO)

ලොව දිගම මෙන්ම ගැඹුරුතම උමං මාර්ගය තනා අවසන් බවත් එය විවෘත කිරීමට සියළු කටයුතු සූදානම් බවත් ස්විස්ටර්ලන්තය පවසයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

එරට සුප්‍රසිද්ධ යෝධ ඇල්ප්ස් කඳුවැටිය යටින් මෙම උමං මග ගමන් කරන අතර එය තනා නිමකිරීමට අවුරුදු 20ක් පමණ ගත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම මෙම විශ්මිත නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වැය කොට ඇති අතර ඇල්ප්ස් කඳුවැටියට කිලෝමීටර 2.5ක පමණ ගැඹුරින් මෙය තනා ඇත.

යුරෝපය කොටස් දෙකකට වෙන් කෙරෙන විශාලතම ස්වභාවික වෙළඳ බාධකයක් ලෙස ඇල්ප්ස් කඳුවැටිය සැළකෙන අතර කඳුවැටිය හරහා භාණ්ඩ රැගෙන ගමන් කිරීම අතීතයේ සිටම ඉතා අපහසු කාර්යයක් වූ බව පැවසේ.

වර්තමානයේ දී ද කඳුවැටිය හරහා තනා ඇති මහා මාර්ග සහ දුම්රිය මාර්ග අවධානම් වනවා සේම වෙහෙසකර ද වන අතර භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන විශාල ට්‍රක් රථ පවා මෙම මාර්ගයේ බොහෝ සෙයින් ගමන් ගන්නා නිසා ජෛව විවිධත්වයෙන් අනූන වටිනා පරිසර කලාපයක් සේ සැළකෙන ඇල්ප්ස් කඳුවැටියේ පාරිසරික විනාශයක් ද සිදුවන බව විශේෂඥයින් පෙන්වා දී තිබුණි.

මේ සියළු ගැටළුවලට පිළියමක් ලෙසයි මෙම උමං මාර්ගය තනා ඇත්තේ.

මේ වන විට ඉතා සාර්ථක ලෙස පරීක්ෂණ දුම්රිය ගමන්වාර ද අවසන් කර ඇති බව වාර්තා වන අතර පැයට කිලෝමීටර 200ක වේගයෙන් මෙහි දුම්රිය ධාවනයේ යෙදවිය හැකි බව ද සඳහන් වේ.

තව ද මෙම උමග සමස්ත යුරෝපයේම ආර්ථිකය කෙරෙහි ඍජුවම බලපානු ඇති බව ආර්ථික විශේෂඥයින් සඳහන් කරන අතර උමං මාර්ගය විවෘත කිරීමේ උත්සවයට යුරෝපීය නායකයින් කිහිපදෙනෙකුම සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)