May 06, 2024

උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක

උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමකට සැරසෙන බව දකුණු කොරියාව සඳහන් කරයි.

ඒ හේතුවෙන් තම ආරක්ෂක හමුදා සීරුවෙන් තැබීමට කටයුතු කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජපානය ද උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම පිළිබඳ සිය අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ සිය ප්‍රතිමිසයිල පද්ධතිය සක්‍රීය කිරීමෙනි.

උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට එරෙහි ජගත් සංවිධානය පසුගිය දා යෝජනාවක් ද සම්මත කර ගනු ලැබී ය. කෙසේ නමුත් ඉන් පසුව ද ඔවුන් මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදු කර තිබේ.

 

Rate this item
(0 votes)