May 06, 2024

පාන්වල මාරාන්තික විසක් 

ඉන්දියාවේ පාන්වල විස රසායන අඩංගු බවත් ඒවායින් තයිරොයිඩ් ඌණතා සහ පිළිකා හට ගැනීමේ අවධානමක් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම පාන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.

පාන්වල විස රසායන අඩංගු බවත් ඒවා මාරාන්තික රෝග රැසකට හේතුවක්වන බවත් ඉන්දීය බලධාරීන්ට දන්වා ඇත්තේ එරට විද්‍යා මෙන්ම පරිසර කටයුතු සම්බන්ධයෙන් නිතර සොයා බලන සී.එස්.ඊ ආයතනයයි. 

ඉන්දියාවේ හදිස්සියේ රෝගී වූ පුද්ගලයින් රැසක් පිළිබඳ සොයා බැලීම් සිදු කළ අවස්ථාවේ දී ඔවුන් ඒ බව අනාවරණ කරගෙන ඇත.

නවදිල්ලි, මුම්බායි චේන්නායි වැනි ප්‍රධාන නගරවල ප්‍රධාන පෙළේ අවන්හල් භාවිතා කරන පාන්පිටිවල පවා එම විස සංඝටක අඩංගු වී ඇති බව පැහැදිලි වූ බව සී.එස්.ඊ ආයතනය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)