May 07, 2024

ඔබාමා හිරෝෂිමාවට

තමන්ගේ ධුර කාලය තුළ හිරෝෂිමාවට ගිය පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට අමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා මහතා පත් ව තිබේ.

හිරෝෂිමා ස්මාරකයකට මල් වඩමක් තැන්පත් කළ ජනපති ඔබාමා හිරෝෂිමා පරමාණු බෝම්බය පිළිබඳ මිනිස් වර්ගයා කිසිවිටෙකත් අමතක නොකළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඇතැමුන් බලාපොරොත්තු වූ පරිදි පරමාණු බෝම්බය හෙලීම සම්බන්ධයෙන් ඔහු ජපානයෙන් සමාව ගෙන නොමැත.

කෙසේ වුව ද න්‍යෂ්ටික අවි රහිත ලෝකයක් කරා ගමන් කරන මෙන් ඔහු එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 May 2016 16:14