May 07, 2024

ලෝක බලවතුවන් ජී - 7 සමුළුව අරඹමින් (PHOTOS)

ලොව ප්‍රධාන කාර්මික රටවල් හතේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජී - 7 රාජ්‍ය නායක සමුළුව ජපානයේ - ඉෂිසිමා නුවර දී ආරම්භ විය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සමුළුවට ජනාධිපති බැරැක් ඔබාමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු ප්‍රංශ ජනාධිපති සහ කැනඩා අග්‍රාමාත්‍යවරයා ද සහභාගී වේ.

රුසියාව ද කාලයක් ජී - 7 කණ්ඩායමට ඇතුළත් ව සිටි රටක් වුව ද යුක්රේනය අතර පසුගිය වසර කිහිපයේ දී ඇති වූ අර්බුධ හේතුවෙන් රුසියාව ජී - 7 කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

මෙවර ලෝක බලවතුවන්ගේ අවධානය යොමුවන්නේ ආර්ථීක කටයුතුවලට පමණක් නොවන බව ද වාර්තා වේ. එහි දී ලෝක ත්‍රස්තවාදය, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සුරැකීම, මානව අයිතිවාසිකම් පමණක් නොව, සංක්‍රමණික ගැටලු සම්බන්ධයෙන් ද මෙවර ජී - 7 සමුළුවේ දී සාකච්ඡා කෙරේ.

ජී - 7 සමුළුවට සහභාගී වූ ලෝක බලවතුන් විසින් පැළ රෝපණය කිරීමේ විශේෂ උත්සවයකට ද සහභාගී වී තිබේ.

එහි දී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්, 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 May 2016 11:00