May 06, 2024

ළමා දූෂකයන්ට මරණ දඬුවම

ළමුන් දූෂණය කරන පුද්ගලයින් හට මරණ දඬුවම ලබාදීමට ඉන්දුනීසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් පිටු දැකීම එම දඬුවමේ අරමුණ බව එරට ජනාධිපති ජෝකෝ විදොදෝ මහතා ප්‍රකාශ කර ඇත.

එසේ ම ළමයින්ට අනෙකුත් ලිංගික අකටයුතුකම් සිදු කරන පුද්ගලයින්ට ද බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් අනතුරු ව ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ පටියක් පැළඳීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

අසාමාන්‍ය අපරාධ සඳහා අසාමාන්‍ය ද දඬුවම් ලැබීමක් අවශ්‍ය බව ජනාධිපති විදොදෝ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(0 votes)