May 06, 2024

මව්ලවි හයිබතුල්ලා නව නායකයා වෙයි 

ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානයේ නව නායකයා ලෙස මව්ලවි හයිබතුල්ලා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු නායක මුල්ලා අක්තාර් මන්සූර් අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වීමෙන් අනතුරු ව ඔහු පත් කර ඇත.

පකිස්ථාන - ඇෆ්ගනිස්ථාන දේශ සීමා ප්‍රදේශයේ දී එම ගුවන් ප්‍රහාරය එල්ල වූ අතර ඉන් තම නායකයා මිය ගිය බව ඇෆ්ගන් - තලෙයිබාන් සංවිධානය මුල්වරට පිළිගෙන තිබේ.

ඇෆ්ගන් - තලෙයිබාන් සංවිධානයේ නව නායකයා ලෙස පත් වූ මව්ලවි හයිබතුල්ලා මීට පෙර එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇත.

 

Rate this item
(0 votes)