May 02, 2024

'රෝනු' කුණාටුව නිසා ලක්ෂ 05ක් අවතැන්

බංග්ලාදේශයට බලපෑ 'රෝනු සුළි කුණාටුව' හේතුවෙන් ලක්ෂ 05ක පමණ පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට කුණාටු තත්ත්වය තරමක් පහ ව ගොස් ඇතැයි ද අධික වර්ෂාව අඛණ්ඩ ව පවතින බව ද බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කරයි.

මේ වනවිට ඉන් මරණයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හේතුවෙන් එරට වරාය කිහිපයක් වසා දමා ඇති අතර විදුලිය සැපයුම ද අඩාල වී ඇති බව වාර්තා වේ.

තද සුළං සහ මහ වැසි සමගින් රෝනු සුළි කුණාටුව බංගලාදේශයට ඇතුළු වී ඇත්තේ එරට දකුණු දෙසිනි. බංගලාදේශයේ චිතගොන් පළාතෙන් එරට වැඩි ම වර්ෂාපතනය වාර්තා වී තිබේ. 

එම සුළි කුණාටුව පිළිබඳ කාලගුණ බලධාරීන් විසින් අනතුරු ඇඟවීමත් සමග අනාරක්ෂිත ස්ථානවල වාසය කළ පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

 

Rate this item
(0 votes)