May 02, 2024

ජයලලිතා 05 වැනි වරටත් මහ ඇමතිනිය වෙයි

හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඊයේ (23) යළි තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිබේ. 

ඇයගේ දිවුරුම්දීමේ උත්සවය මදුරාසියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

58 හැවිරිදි ජයලලිතා ජයරාම් මහත්මිය තමිල්නාඩුවේ ප්‍රධාන ඇමති ධූරයට පත්වන 05 වැනි අවස්ථාව මෙය බව වාර්තා වේ.

60 දශකයේ සිට අසුව දශකය දක්වා ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක් ලෙස චිත්‍රපට 140 ක පමණ රඟ පෑ ජයලලිතා ජයරාම් මහත්මිය හිටපු මහ ඇමති එම්.ජි. රාමචන්ද්‍රන්ගේ වියෝවෙන් අනතුරු ව දේශපාලනයට පිවිසුනා ය.

තමිල්නාඩු ජනතාව අතර ‘අම්මා’ නමින් ගෞරවාදරයට පාත්‍ර වූ ඇය මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළා ය.

Rate this item
(0 votes)