May 02, 2024

ඇෆ්ගන් තලේබාන් නායකයා අමෙරිකා ගුවන් ප්‍රහාරයකින් මරුට?

ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක මුල්ලාහ් අඛ්තාර් මන්සූර් තම ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්න පාකිස්තානයේ මාර්ගයක ඔහු තවත් ත්‍රස්තවාදියෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ඇමෙරිකානු බලධාරීහු පවසති.

මේ අතර, තමන් තලේබාන් නායක මන්සූර් ඉලක්ක කරමින් ප්‍රහාරයක් දියත් කළ බව පෙන්ටගනයද තහවුරු කර ඇතත්, තවමත් මෙම ප්‍රහාරයේ සැබෑ ප්‍රතිඵලය අධ්‍යයනය කරමින් සිටින බවද පවසා ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තලේබාන් සංවිධානයේ නිර්මාතෘ හා ආධ්‍යාත්මික නායක ලෙස සිටි මුල්ලාහ් මොහොමඩ් ඕමාර්ගෙන් පසුව පසුගිය 2015 ජූලි මාසයේ සිට මන්සූර් එම සංවිධානයේ නායකත්වයට පත්විය.

ග්‍රිනීච් වේලාවෙන් සෙනසුරාදා සවස 3.00ට පමණ අහ්මාද් වාල් නගරයට ආසන්නයේදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර, අමෙරිකානු ජනපති බරැක් ඔබාමාද ඊට අනුමැතිය ලබාදී ඇතැයි වාර්තාවේ.

මෙම ප්‍රහාරය සිදුකළ වහාම ඒ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානය මෙන්ම, පාකිස්තානයද දැනුවත් කළ බවද ධවල මන්දිරය පවසයි.  

 

Rate this item
(0 votes)