May 02, 2024

මැලේරියා රෝග පරීක්ෂාවට නව ක්‍රමයක්

මැලේරියා රෝග පරීක්ෂණය සිදු කිරීමේ නවතම සහ පහසු ක්‍රමයක් හඳුන්වාදීමට අමෙරිකානු වෛද්‍යවරු පිරිසක් සමත් ව තිබේ.

'මුත්‍රා මැලෙරියා පරීක්ෂණය' ලෙස හඳුන්වන එමගින් වේදනාත්මක රුධිර පරීක්ෂණය වෙනුවට මුත්‍රා පරීක්ෂාව තුළින් රෝග කාරකය සිරුරේ තිබේ දැයි ‍හඳුනා ගැනීමට හැකියාව පවතී.

එහි ඇති අනෙක් විශේෂත්වයවන්නේ රෝගියාට එම පරීක්ෂණය සිය නිවසේ දී ම සිදු කර ගැනීමට හැකිවීමයි.

නයිජීරීයාවේ සෞඛ්‍ය අමාත්‍යංශය, එම ක්‍රමය පිළිබඳ ජනතාව දිරිගන්වමින්, උණ වැළඳී ඇත්නම් මෙම පරීක්ෂණය කඩිනමින් සිදු කර ගන්නා ලෙසට උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නයිජීරීයාව, මැලෙරියා රෝගය තවමත් තුරන් කිරිමට අසමත් වූ රටකි. කෙසේ වුව ද ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට මැලෙරියා රෝගය තුරන් කර තිබේ.

අමෙරිකානු ජාතික නයිජීරීයානු සම්භවයක් ඇති වෛද්‍යවරයකුවන එඩී අග්බෝ ඇතුළු කණ්ඩායම මෙම සොයාගැනීම සිදු කර ඇති අතර ඔවුන් පවසන්නේ 2030 වසර වනවිට මැලෙරියාව ලෝකයෙන් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම තම අරමුණ බව ය.

Rate this item
(0 votes)