May 02, 2024

ඉන්දියාවට උණුසුමින් පීඩා 

දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දෙන ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ස්ථාන දෙකකින් ඉකුත් 19 වැනි දා සෙන්ටිග්‍රේඩ් අංශක 50 ඉක්ම වූ උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.

ජෝද්පූර් දිස්ත්‍රික්කයේ ෆලෝඩි ප්‍රදේශයෙන් ද ඉකුත් 19 වැනි දා සෙන්ටිග්‍රේඩ් අංශක 51ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත. එසේ ම චූරු ප්‍රදේශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 50.2ක උෂ්ණත්වයක් වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රාන්ත අගනුවර ද සෙන්ටිග්‍රේඩ් අංශක 46.5ක උෂ්ණත්වයක් වාර්තාවන අතර අධික උණුසුම හේතුවෙන් එහි ජන ජීවිතය අඩාල වී ඇති බව ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)