May 02, 2024

ෆෝන් එක බැලුව නිසා බිරිඳ සැමියාගේ ඇඟිලි කපලා

සිය ජංගම දුරකතනය තම ස්වාමි පුරුෂයා විසින් පරීක්ෂා කිරීමට උරණ වූ බිරිඳක් ඔහුගේ ඇඟිලි කැපීමේ පුවතක් ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඇය සිය සැමියාගේ අතක ඇඟිලි වෙන්වන ලෙස කපා දමා ඇති බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

රාත්‍රී නිවසට පැමිණි සැමියාට බිරිඳ ආහාර සුදානම් නොකර ජංගම දුරකතනය භාවිත කරමින් සිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදු වී තිබේ. ඉන් පසු සැමියා විසින් බිරිඳගේ දුරකතනය ගෙන පරීක්ෂා කර ඇත. අනතුරු ව දෙදෙනා අතර ඇති වූ ගැටුමක දී බිරිඳ විසින් එලෙස සැමියාගේ ඇඟිලි කපා දමා තිබේ.

එම සිද්ධියට අදාළ ව සැමියා සහ බිරිඳ එකිනෙකාට චෝදනා කරමින් පොලීසියේ පැමිණිලි ගොනුකර ඇතැයි ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් එම කාන්තාවගේ සහ පුරුෂයාගේ දෙමව්පියන් ද පොලීසියට ගෙන්වා ඇත.

එය ඉකුත් 04 වැනි දා සිදු වූ සිද්ධියක් වුව ද බිරිඳගෙන් තමාට තර්ජන ඇති බවට සැමියා විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරු ව එය මාධ්‍යට අනාවරණ වී ඇත්තේ පසුගිය සතියේ දී ය.

 

Rate this item
(0 votes)