May 03, 2024

IS සාමාජිකයෙක් පණපිටින් පුළුස්සයි 

ස්පාඤ්ඤයේ - රියාල් මැඩ්රිඩ් පාන්දු කණ්ඩායමට සහාය දක්වන ඉරාක පාපන්දුලෝලීන්ගේ නවාතැනක් වූ බලාඩ් නුවර අවන්හලකට ඊයේ (13) එල්ල වූ අයි.එස්. ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මරණයට පත් ව තිබේ.

එම ප්‍රහාරය එල්ල කර පලා යමින් සිටි අයි.එස්. සාමාජිකයන් 04 දෙනෙකු ෂියා සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රති ප්‍රහාරයෙන් මරණයට පත් ව ඇති බව ද වාර්තා වේ.

ප්‍රහාරයෙන් පසු සැඟ වී සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පණපිටින් පුළුස්සා එම අවන්හල ඉදිරිපිට කණුවක එල්ලා තැබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 May 2016 10:43