May 03, 2024

MH370 යානයේ යැයි සැක කරන තවත් කොටස් හමුවෙයි

2014 වසරේ දී අතුරුදන් වූ MH370 යානයේ බවට බොහෝදුරට අනුමාන කළ හැකි තවත් කොටස් කිහිපයක් දකුණු අප්‍රිකාව සහ මුරුසි දිවයිනට ආසන්න මුහුදෙන් හමු වී තිබේ.

ඕස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක දී එම කොටස් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගීන් 239 දෙනෙකු සමග මලයාසියාවේ - ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් සිටිය දී 2014 වසරේ මාර්තු මාසයේ දී එම ගුවන් යානය අතුරුදන් විය.

Rate this item
(2 votes)