May 03, 2024

උතුරු කොරියානු නායකයාගේ සේවයට කන්‍යා බල ඇණියක්

උතුරු කොරියානු නායක කිම් ජෝන් අං තමාට පූර්ණ කාලින සේවය කිරීම සඳහා ළාබාල දැරියන්ගෙන් යුත් කාන්තාවන් කණ්ඩායමක් තෝරා ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.

එම කාන්තා කණ්ඩායමට ඉතා රූමත් ළාබාල කාන්තාවන් තෝර ගැනීම සඳහා ඉහළ පෙලේ මණ්ඩලයක් පත් කර ඇති අතර පාසල්වලින් ඉවත් කර ගන්නා ඔවුන් ඉන් පසු පවුල්වලින් ද වෙන් කරගෙන නායකයාගේ මන්දිරයේ වෙනමම පදිංචි කරවනු ඇත.

මීට ඉහත උතුරු කොරියානු නායකයන් මෙවැනි කාන්තා කණ්ඩායමක් පවත්වා ගෙන ගිය ද කිම් ජෝන් අං එය නතර කර තිබේ. එහෙත් කොරියානු නායකයා නැවතත් එවැනි කාන්තා පිරිසක් බඳවා ගන්නට සැරසෙන්නේ තම සන්තර්පනයට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)