May 03, 2024

පිලිපීන නව ජනපති පත්වෙයි

පිලිපීන ජනාධිපතිවරණයේ වැඩි ඡන්ද ලබා නව ජනාධිපතිවරයා බවට ඩවාඕ පළාතේ නගරාධිපති රොඩ්‍රිගෝ ඩුටෙර්ටේ මහතා තේරී පත් ව තිබේ.

ඉකුත් 09 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් අනුව 60%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඩුටෙර්ටේ මහතා ඉදිරියට පැමිණ සිටියේ ය.

කෙසේ වුව ද වත්මන් රජය විසින් ඉදිරිපත් කළ ජනපති අපේක්ෂක මාර් රොකාස්ට ඔහු සමීපයටවත් පැමිණීමට අවස්ථාවක් නොලැබී තිබේ.

71 හැවිරිදි ඩුටෙර්ටේ මහතා එරට තුළ ව්‍යස්ථා සංශෝධනයක් සිදු කරන බව මැතිවරණයට පෙර සිටම පැවසී ය. එසේ ම, මැනිලා නගරයට පමණක් කේන්ද්‍රගත වූ පිලිපීන ආර්ථිකය රට පුරා ව්‍යාප්ත කරමින් නිසි ලෙස සම්පත් බෙදී යාමට කටයුතු කරන බව ද ඔහු පවසා තිබේ.

කෙසේ වුව ද ඔහු කලක් ඩවාඕ පළාතේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති බැවින් ඔහු දැඩි පාලකයෙකු ලෙස හඳුන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)