May 03, 2024

ලොව ශාඛවලින් 21%ක් තුරන්වීමේ අවදානමක

ලෝකයේ ශාඛ වර්ග තුන්ලක්ෂ 90,900ක් පවතින අතර ඉන් තුන්ලක්ෂ 69,400ක් මල් හට ගන්නා ශාඛ බව නවතම විද්‍යාත්මක සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

බ්‍රිතාන්‍යයේ රාජකීය උද්භිද විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් සිදුකළ එම සමීක්ෂණයට අනුව 2015 වසරේ දී හඳුනාගෙන ඇති නව ශාඛ විශේෂ සංඛ්‍යාව 2034කි.

බටහිර අප්‍රිකානු ගැබෝන් රාජ්‍යයේ වනාන්තරවල වැඩෙන මීටර් 45ක් දක්වා උස යන දැවැන්ත ශාඛයක් ද ඊට ඇතුළත් බව වාර්තා වේ.

නව බිගෝනියා විශේෂ අණුවක් ද පසුගිය වසරේ සොයාගෙන ඇති අතර කෘමීන් ආහාරයට ගන්නා ශාඛයක් ද පසුගිය වසරේ බ්‍රසීලයෙන් සොයා ගනු ලැබී ය.

ලෝකයේ ශාඛ විශේෂවලින් 21%ක්ම මිහිපිටින් තුරන්වීමේ අවදානමට මුහුණ දෙන බව එම විද්‍යාඥයන් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)