May 04, 2024

IS සමූහ මිනී වළවල් 50කට වැඩි ප්‍රමාණයක් 

ඉරාකයේ අයි.එස්. සංවිධානයේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලින් සමූහ මිනී වළවල් 50කට වැඩි සංඛ්‍යායාවක් හමු වූ බව ජගත් සංවිධානය සඳහන් කරයි.

එම ඝාතන අතිශය සාහසික අපරාධයක් බව ඉරාකයේ ජගත් සංවිධාන විශේෂ නියෝජිත යාන් කූබිස් ආරක්ෂක මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

අයි.එස්. සංවිධානය සතුව තිබූ ප්‍රදේශ රැසක් පසුගිය මාස කිහිපය තුළ ඉරාක හමුදා විසින් අත්පත් කර ගත් අතර එම ප්‍රදේශවලින් එම සමූහ මිනී වළවල් හමු වී තිබේ.

ඉන් ඉතා මෑතක දී රමාඩි ප්‍රදේශයෙන් සොයා ගත් සමූහ මිනී වළේ මළ සිරුරු 40කට වැඩි ප්‍රමාණයක් මිහිදන් කර ඇති බව විශ්වාස කෙරේ.

 

Rate this item
(0 votes)