May 04, 2024

ජනපති අපේක්ෂකත්වය ඩොනල්ඩ්ට? 

අමෙරිකානු ජනාධිපතිවරණයේ මූලික වටයේ ඡන්ද විමසීමේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් ඉන්දියානා ප‍්‍රාන්තයේ ජය ලබා ගැනීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සමත් ව තිබේ.

එම ජයග‍්‍රහණයත් සමග ප‍්‍රතිවාදීන් අභිබවමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ සිටින අතර රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලැබෙනු ඇති බවට මේ වනවිට විශ්වාසය පළ වේ.

කෙසේ වුව ද ඩිමොක්‍රොටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමේ සටනට තවමත් උණුසුම් තත්ත්වයේ පවතී.

ඉන්දියානා ප‍්‍රාන්තයේ දී ඩිමොක්‍රොටික් පක්ෂයේ ජය හිමිවුයේ බර්නි සෝන්ඩර්ස්ට ය.

 

Rate this item
(1 Vote)