May 04, 2024

සීකාවලින් නොසිතූ ප්‍රතිඵල 

මදුරුවන් මගින් ප්‍රචාරණයවන නූපන් දරුවන්ගේ හිසේ විකෘතිතා ඇති කරන සීකා වෛරසය කලින් සිතා සිටියාටත් වඩා දරුණු ප්‍රතිඵල ගෙන දෙන බව බ්‍රසීල විද්‍යාඥයන් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ.

එම වෛරසයෙන් දරුණු ආකාරයේ ස්නායු ආබාධ රැසක් ඇතිවන අතර ආසාධිත ගැබිණි මව්වරුන් පහෙන් එකකම කළලවලට බලපාන බව මේ වනවිට සොයාගෙන ඇත.

බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල වෛරසය පැතිරීම මේ වනවිට මන්දගාමී වී ඇති අතර රෝගය වැළැක්වීමේ පියවර පිළිබඳ දැනුවත් කිරීම් ඒ සඳහා ඉවහල් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුව ද සීකා වෛරසයට එන්නතක් සොයා ගැනීම තවමත් ප්‍රාථමික මට්ටමක පවතී.

 

Rate this item
(0 votes)