May 05, 2024

ජෝන් කෙරී ජිනීවා යයි

සිරියාවේ සටන් විරාමයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු රාජ්‍යය ලේකම් ජෝන් කෙරී මහතා ජිනීවා වෙත ගොස් තිබේ.

ජිනීවාහි දී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු සෞදි සහ ජෝර්දාන් නියෝජිතයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දී සිරියාව තුළ සටන් විරාමයක් ඇති කිරීම පිළිබඳ අවසන් එකඟතාවට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

සිරියානු අභ්‍යන්තර ගැටුම් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපය තුළ පමණක් සිවිල් වැසියන් 250 දෙනෙකු මිය ගොස් තිබේ.

 

Rate this item
(0 votes)