May 05, 2024

සෝමාලියා නියඟය නිසා මිනිසුන් හයිනාවන්ට බිලිවෙයි

උතුරුදිග සෝමාලියාවේ අර්ධ-ස්වයං පාලනයක් පවතින සෝමාලිලෑන්ඩ් සහ පුන්ට්ලෑන්ඩ් යන පළාත්වල එදාමෙදා තුර ඉතිහාසයේ මුහුණදෙන දරුණුතම නියඟයෙන් පීඩා විඳින බව වාර්තා වේ.

දැඩි නියඟයෙන් නිරාහාර ව සිටින කාන්තාවන් කුසගින්නේ පසුවන හයිනාවන් වැනි වන මෘග්ගයන්ගේ ප්‍රහාරයන්ට ලක්වන බවත් එවැනි කාන්තාවන් රැසක් හයිනා ගොදුරු බවට පත් ව ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

සත්ව පාලනයෙන් ජීවත්වන එම මිනිසුන් සතු ව සිටින ගව, බැටළු ආදී සතුන් ආහාර නොමැතිව කාඩ්බෝඩ් ආහාරයට ගන්නා බව වාර්තා වේ.

එමෙන්ම, තම දුරුවන්ට මව් කිරි දීමට තරම්වත් පෝෂණයක් එම කලාපයේ කාන්තාවන්ට නොමැති බවත් මේ හේතුවෙන් මෙම කලාපය තුළ මහා ජීවිත හානියක් සිදු වෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මිලියන 1.7කට වැඩි ජනතාවක් මෙම නියං තත්ත්වයට මුහුණ දී සිටින අතර, 2011 වසරේ අප්‍රිකානු අඟ ලෙස සැලකෙන කලාපය මුහුණදුන් නියඟයෙන් මියගිය පිරිස මිලියන කාලකට වැඩි ය.

 

Rate this item
(0 votes)