May 04, 2024

සරණාගතයෙකු ගිනි තබාගෙන මිය යයි

නාවුරු දූපතේ පිහිටි ඕස්ට්‍රේලියානු රැඳවුම් කඳවුරේ සිටි ඉරාන ජාතික සරණාගතයෙකු ගිනි තබාගෙන මිය ගොස් තිබේ.

23 හැවිරිදි එම ඉරාන ජාතිකයා සිරුරට ගිනි තබා ගැනීමෙන් අනතුරු ව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර රෝහලකට ඇතුළත් කර ඇත. එහි දී ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ මිතුරන් පිරිසක් ද නාවුරු කඳවුරේ රැඳී සිටින බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)