May 04, 2024

තුර්කියට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

තුර්කියේ බර්සා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 13 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය 25 හැවිරිදි කාන්තාවක විසින් සිදු කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ වාර්තා සඳහන් කරයි.

පොලීසිය විසින් එම ප්‍රහාරය සිදු වූ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එහි කිසිවකුට හෝ ඇතුළුවීම තහනම් කර ඇත. 

මෙතෙක් එම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු බාරගෙන නොමැති අතර එරට පොලීසිය ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දී තුර්කියට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් බොහෝ පිරිසක් මිය ගිය අතර එම ප්‍රහාරයෙන් පසු එරට ආරක්ෂාව ද දැඩි කර තිබේ.

 

Rate this item
(0 votes)