May 04, 2024

Facebook භාවිතය වැඩි කරන්න සකර්බර්ග් අලුත් වැඩක 

Facebook සමාජජාල වෙබ් අඩවිය භාවිත කරන පිරිස ඉහළ නංවා ගැනීමට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට facebook භාවිත කරන පිරිස තුන් ගුණයකින් ඉහළ නැංවීම අපේක්ෂාව බව ඔහු ප්‍රකාශ කර ඇත. ඒ සඳහා අන්තර්ජාල සේවා ගාස්තු අවම විය යුතු බව facebook නිර්මාතෘවරයා පෙන්වා දෙයි.

අන්තර්ජාල සේවා සඳහා රටවල්වලින් ජනතාවට පහසුකම් ලබා දෙන්නේ නම් facebook භාවිතය ඉහළ නැංවීමට අවශ්‍ය වේදිකාව තමන්ට නිර්මාණය කළ හැකි බව ඔහු සඳහන් කරයි.

මේ වනවිට facebook සමාජජාල වෙබ් අඩවිය භාවිත කරන පිරිස බිලියන 1.6 කට අධික ය. කෙසේ වුව ද එය සංවර්ධනය වෙමින් පවතින රටවල තවදුරටත් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් පවතින බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)