April 26, 2024

කරච්චි ගුවන් ගමන් තවමත් අඩපණයි

පාකිස්‌තානයේ කරච්චි නුවර ජින්නා ගුවන්තොටුපළට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් මියගිය ගණන 24ක් බව එරට ආරක්ෂක අංශ නිලධාරියකුවන මේජර් ජෙනරාල් රිස්‌මාන් අක්‌තාර් සඳහන් කරයි.දෙනකු මරුමුවට පත්වී ඇත.ප්‍රහාරයේදී තවත් 15 දෙනකු තුවාල ලබා ඇති අතර මියගිය පිරිස අතර ත්‍රස්‌තවාදීහු 10 දෙනෙක්‌ ද වෙති.පසුගිය අට වනදා රාත්‍රියේ ආරක්‍ෂක හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් මෙම ත්‍රස්‌තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කළ අතර මේවන විටත් කරච්චි ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.කරච්චියේ ජින්නා ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌ත කණ්‌ඩායමේ අරමුණ වූයේ සියලුම ගුවන් යානා විනාශ කිරීම බව පකිස්‌තාන බුද්ධි සේවාව වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් හෙළිකර ඇත

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 June 2014 06:13