May 04, 2024

වයඹදිග සිරියාවට ගුවන් ප්‍රහාර - 50ක් මරුට

වයඹදිග සිරියාවේ වෙළඳසල් කිහිපයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉඩ්ලිප් පළාතේ අල්-නුමාන් නගරයේ එළවළු වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් 40 දෙනෙකු ද, කෆ්ර් නුබ්ල් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් 10 දෙනෙකු ද මියගොස් තිබේ.

මෙම ප්‍රහාරය සිරියා හමුදාව විසින් එල්ල කරන්නට ඇති බවට සැක පල කරයි.

මේ වන විට සිරියාවේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන නමුත් එම ගිවිසුම සිරියා රජයෙන් මෙන්ම අයි එස් සටන්කාමීන් විසින් ද කඩ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 April 2016 09:12