May 04, 2024

සිරියාවේ සිවිල් වැසියන් 44 දෙනෙක් මියයයි 

සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 44 දෙනෙක් මිය ගොස් තිබේ.

ඉඩ්ලිප් ප්‍රාන්තයේ නගර දෙකක අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත සිරියානු රජයේ හමුදා ඊයේ (19) ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සිරියාව තුළ සති 04ක සටන් විරාමයක් ක්‍රියාත්මක වුව ද මේ වනවිටත් සිරියානු රජයේ හමුදා සහ අයි.එස්. සටන්කාමීන් විසින් අවස්ථා ගණනාවකදීම එය උල්ලංඝණය කර තිබේ.

 

Rate this item
(0 votes)