May 04, 2024

ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට 

ඉක්වදෝරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජනාධිපති රෆායෙල් කොරයා මහතා සඳහන් කරයි.

භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1500 ක් බවත් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඔහු කියා සිටී.

රික්ටර් මාපකයේ 7.8 ක අගයක් ගත් එම භූ කම්පනය අසල්වැසි පේරු සහ කොලොම්බියාව යන රටවලට ද දැනී තිබේ.

විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)