May 07, 2024

සීකා තවත් බරපතල වෙයි

සීකා වෛරසයෙන් ඇති විය හැකි සංකූලතා මීට පෙර අපේක්ෂා කළාටත් වඩා ප‍්‍රබල විය හැකි බව අමෙරිකානු සෞඛ්‍ය ප‍්‍රධානීන් සඳහන් කරයි.

ගර්භණී කාන්තාවකට මෙම වෛරසය ආසාධනය වුවහොත් ලැබෙන දරුවන්ට ප‍්‍රමාණයෙන් විශාල හිස් සහිතවීම හෝ එවැනි වෙනත් සංකූලතා ඇතිවන බව මුලින් ප‍්‍රකාශ කෙරුණි. 

සීකා වෛරසය ආසාධනය වී වසර කිහිපයක් ඇතුළත ගැබ් ගන්නා අවස්ථාවකදීද ලැබෙන දරුවන්ට එවැනි සංකූලතා ඇති විය හැකි බව පසුව ප‍්‍රකාශ කර තිබේ.

තව ද මුලින් ප‍්‍රකාශ කෙරුණේ මෙම වෛරසය මදුරු දෂ්ඨනයන් හේතුවෙන් ආසාදනය විය හැකි බවයි. කෙසේවුව ද  ලිංගික ඇසුරෙන් ද සීකා වෛරසය ආසාදනය විය හැකි බව මේ වනවිට සොයාගෙන තිබේ.

 

Rate this item
(0 votes)