May 07, 2024

නේපාලයේ අනතුරකින් 24 දෙනෙක් මිය යයි

නේපාලයේ - කෝටාන් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මරණයට පත් ව තිබේ.

එලෙස අනතුරට පත් ව ඇත්තේ නේපාලයේ දික්තල් ප්‍රදේශයේ සිට කත්මන්ඩු නුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පටු මාර්ගයක ගමන් කරමින් තිබිය දී එම මගී බස් රථය මීටර 500 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 70 ක් පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)