May 08, 2024

ජයලලිතාගෙන් මෝදිට ලිපියක් 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් සහ ධීවර බෝට්ටු වහා නිදහස් කර ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹෙන ලෙස තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මෝදි වෙත ලිපියක් යොමු කරමින් ඉකුත් 05 වැනි දා මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් ධීවරයින් පිළිබඳ සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දීය ධීවර බෝට්ටු 84 ක් මෙරට භාරයේ පවතින බවත් ඇය සිය ලිපියේ සඳහන් කර තිබේ.

තමිල්නාඩු ධීවරයන් දිගින් දිගටම ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම කණගාටුදායක තත්ත්වයක් ලෙස ඇය ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(0 votes)