May 08, 2024

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මත්පැන්වලට තිත 

ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ මත්පැන් අලෙවිය හා මත්පැන් පානය සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තහනම ඉදිරි මාස 06ක කාලය තුළ ක්‍රමයෙන් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වෙනු ඇති බව බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර් මීට පෙර පවසා තිබේ.

කෙසේ වුව ද ඔහු එම කාලසීමාව යළි ආපස්සට ගනිමින් අද (06) දිනයේ සිට මෙම තහනම ක්‍රියාත්මකවන බවත් ප්‍රාන්තය තුළ සමාජ පරිවර්තනයකට හොඳම කාලය එළැඹ ඇති බවත් අවධාරණය කර ඇත.

2015 වසරේ සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් මහ ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබේ. මේ සඳහා ජනතාවගේ සහාය තමන් වෙත ලැබෙනු ඇති බවත් මහ ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

එමෙන්ම එම තහනම සඳහා ප්‍රාන්තය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මෙන්ම, සියලු දේශපාලඥයන්ගේ ද සහාය හිමිවීම විශේෂත්වයකි.

මෙම තහනම තමන් ලැබූ ජයග්‍රහණයක් බව බිහාර්හි කාන්තාවන් පවසයි. විශේෂයෙන්ම මත්පැනට ලොල් වූ පුරුෂයන් හේතුවෙන් නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක් වූ කාන්තවාන් මෙම තීරණයෙන් උද්දාමයට පත් ව ඇති බව ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)