May 07, 2024

පළමු වරට කාශ්මීරයේ මහඇමති ධුරයට කාන්තාවක්

පාකිස්තානය සමග මතභේදයට පැටලී ඇති ඉන්දු - කාශ්මීරයේ මහඇමති ධුරයට ප්‍රථම වරට කාන්තාවක් පත් වී තිබේ.

මෙහබූබා මුෆ්ටි නමැති 56 හැවිරිදි ඇය කාශ්මීරයේ හිටපු ප්‍රධාන අමාත්‍ය මොහොමඩ් සයිඩ් මුෆ්ටිගේ දියණියයි.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය ජනවාරි මාසයේ මිය ගිය අතර ඉන් අනතුරු ව මෙහබූබා දේශපාලන කරළියට පිවිසුණා ය.

ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තය ජම්මු - කාශ්මීරයයි.

 

Rate this item
(0 votes)