May 07, 2024

ග්‍රීසියේ සිටින සරණාගතයන් තුර්කියට

යුද ගැටුම් හේතුවෙන් සරණාගතයන් ලෙස ග්‍රීසියට ගොස් සිටින පිරිස් තුර්කියට යළි හරවා යැවීම අද (04) ආරම්භ කෙරේ.

මීට දින කිහිපයකට පෙර යුරෝපා සංගමයේ රටවල් අතර ඇති වූ එකඟතාවක් මත එලෙස සරණාගතයින් තුර්කියට යවන බව වාර්තා වේ.

ඒ වෙනුවට ඔවුන්ට යුරෝපා රටවලින් ආධාර සහ දේශපාලන සහන හිමි වේ.

සිරියාව ඇතුලු රටවල් කිහිපයක හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් පසුගිය සමයේ සරණාගතයින් විශාල ලෙස යුරෝපා රටවලට සංක්‍රමණය විය. ඒ හේතුවෙන් යුරෝපා රටවල් මුහුණදුන්නේ දැඩි අර්බුදයකට ය. 

සරණාගතයින් තුර්කියට යැවීමේ ක්‍රියාදාමය තුළ අඩුපාඩු රැසක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)