May 08, 2024

ලොව තරබාරු වැඩිහිටි ජනගහනය ඉහළට

පසුගිය දශක 04 ක කාලය තුළ ලොව තරබාරු වැඩිහිටි ජනගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

1975 වසරේ මිලියන 105 ක් වූ ලොව තරබාරු වැඩිහිටි සංඛ්‍යාව 2014 වසරේ දී මිලියන 641 ක් වී ඇති බව ලෝකයේ රටවල් 186 ක දත්ත ආශ්‍රයෙන් ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයක් මගින් හෙළි වී ඇත.

එම කාලය තුළ බර අඩු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ මිලියන 330 සිට මිලියන 462 දක්වා ය. ලොව තරබාරු වැඩිහිටි පිරිමි ජනගහනය 1975 වසරේ දී 3.3% යි දශම 2 ක් වූ අතර 2014 දී එය 10.8% දක්වා ඉහළ ගොස් තිබේ.

තරබාරු කාන්තා ප්‍රතිශතය එම කාලය තුළ 6.4% 4 සිට 14.9% 9 දක්වා ඉහළ ගොස් ඇති බව එම  අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.

 

Rate this item
(0 votes)